මෙපොත අපි කාටත් තියෙන කවුරුත් දන්න පොතක්.මෙකට සමහරු බබා කාඩ් එක,ක්ලිනික් කාඩ් එක කියලත් කියනවා.මෙක කලින් ආවෙ තනි කොලයක් විදියට.හැබැයි දැන්නම් මෙක පොතක් විදියට තමයි තියෙන්නෙ.ඒවගෙම ලමා වර්දනයට වැදගත් ගොඩක් තොරතුරුත් මෙ පොතෙ සටහන් කරල තියෙනව.
ඒඅතරින් වඩාත් වැදගත් දෙයක් තමයි කුඩා කාලයෙදි අපිට විදපු බෙහෙත් පිලිබද සටහන් වී තිබීම.පරන පොත්වලනම් 7 පිටුවෙත් අලුත් පොත්වලනම් 8 පිටුවෙත් තනි කොලේනම් මැද පිටුවෙත් ඔයාලට විදපු එන්නත් ගැන තියෙනවා. වෙන කොහෙවත් අපිට විදපු බෙහෙත් පිලිබද සටහන් නැහැ. තියෙනවනම් තියෙන්නෙ මිඩ්වයිෆ් ලග විතරයි. එයා ලගත් පරණ රිපෝට් නැතිනම් ඉවරයි.ඒනිසා ඔයාලා මෙපොත් පරිස්සම් කරගන්නම ඕන.සමහර අවස්තාවල වෙනත් රටකට යනකොටත් මෙක ගොඩක් වැදගත් වෙනවා.
මෙපොතේ තියන අපිට විදපු එන්නත් මොනවද කියල අපි දැන් කතා කරමු.
01. මුලින් B.C.G
ඉපදී පලමු දිනයේදී ලබාදීම සිදුකරයි. බොහොවිට වම් අතට ලබා දෙයි. මාස 6ක් වනවිටත් අතේ කැළලක් නැත්නම් තවත් මාත්‍රාවක් ලබාදෙයි.
මෙමගින් ඉපදුන දවසේ ඉදන් වසර 5 ක් දක්වා ඔයාට ක්ශය රෝගය වැලදීමේ අවදානම අඩුකරයි.
02. ඉපදී මාස 2 සම්පුර්ණ විට pentavalent පලමු මාත්‍රාව සහ OPV පලමු මාත්‍රාව .
OPV කියන්නෙ පෝලියො රොගය වැලැක්වීමට මුඛයෙන් ලබාදෙන දියරමය බෙහෙතක්,පොඩි දවස්වල මිඩ්වයිෆ් නෝන කටට මෙව බිංදුවක් දැම්ම මතකනෙ. මෙකත් ඔයාට වයස මාස 2,4,6,18, සහ වයස අවුරුදු 5 දී විදිහට පස් වතාවක් දෙනවා.
03. වයස මාස 4 දී
04. වයස මාස 6 දී
pentavalent සහ OPV ලබාදෙනව
05. වයස මාස 9 දී
MMR එන්නත ලබාදෙනව. මෙකට ත්‍රිත්ව එන්නත කියලත් කියනව. මෙමගින් ඔයාට රොග 3ක් වැලදීම වලක්වනවා ඒතමයි "සරම්ප,කම්මුල්ගාය,රුබෙල්ලා ". මෙ එන්නතත් වයස මාස 9, සහ අවුරුදු 3 දී ලෙස මාත්‍රා දෙකක් දෙනවා.
06. වයස මාස 12 දී
JE එන්නත ලබාදෙනවා මෙමගින් ජපන් නිදිකර්පථප්‍රදාහය නැමති රොගය ඇතිවීම වලක්වනවා.
07. වයස මාස 18 දී
DPT එන්නත් ලබාදෙනවා. මෙකට ත්‍රිත්ව එන්නත කියලත් කියනවා. මෙ එන්නතෙන් "ගලපටලය , කක්කල් කැස්ස ,පිට ගැස්ම " කියන රෝග තුනට ප්‍රතිශක්තිය ඇතිකරනවා.
මෙ සමගම OPV මාත්‍රාවකුත් දෙනවා.
MMR මාත්‍රාවක් ලබාදෙනවා. මෙ එන්නත ගැන අපි කලින් කතාකරා.
09. වයස අවුරුදු 5 සම්පූර්ණවිට
DT එන්නත දෙනවා, මෙකට දිත්ව එන්නත කියලත් කියනවා. මෙ එන්නතින් "ගලපටලය සහ පිටගැස්ම " කියන ලෙඩවලට ප්‍රතිශක්තිය ලැබෙනවා.
මෙ එන්නත සමගම OPV එක් මාත්‍රාවක් දෙනවා.
10. වයස අවුරුදු 11 සම්පූර්ණවිට
aTd එන්නත ලබාදෙනවා. මේඑන්නත ඔයාට පාසලෙ 7 වසරෙදි විද්ද මතක ඇති. මෙ එන්නතට වැඩිහිටි ගලපටල,පිටගැස්ම එන්නත කියලත් කියනවා.
හොදයි අපි දැන් පොස්ට් එකේ අන්තිම හරියට අවිල්ල ඉන්නෙ.මෙටිකත් කියවන්න. අපිට නියමිත ප්‍රතිශක්තියක් අතිවෙන්නෙ කලින් කියපු එන්නත් හරි වයසට හරිවෙලාවට විද්දොත් විතරයි.එවගෙම අපි ඉහත කිවුව රෝග සමහරක් ඔයාල දැකලවත් අහලවත් නැතුව අති එනිසා මොකටද මෙවිදියට වියදම් කරල බෙහෙත් විදින්නෙ කියල ඔයාලට හිතෙන්න ඇති. ඒකට හේතුව තමයි ලගම තියෙන ඉන්දියාව, පකිස්තානය වගේ රටවල මෙ රෝග බහුලව තිබීම. ඔයාලට මෙ රෝග ලංකාවෙ දකින්න නැත්තෙ අපි කලින් කිවුවා වගේ හොද ප්‍රතිශක්තිකරණ වැඩපිලිවෙලක් ලංකාවෙ තිබීම. අපි ඉස්සරහට පොස්ට් වලින් මෙ රෝග ටික ගැන කතා කරමු.
පොස්ට් එක හොදනම් Like / Comment දාන්නත් අමතක කරන්න එපා.




2 Comments
niyamayi
ReplyDeleteGreat work...👍
ReplyDelete