නව කොරෝනා වෛරසය
මෙය ඉතාම ඉක්මනින් පැතිරෙන වෛරසයකි.

මිනිසාගෙන් මිනිසාට බෝවෙන්නේ කෙසේද?
- කෙලින්ම රෝගීන් ස්පර්ශවීම මගින්
- ශ්වසනයේදී පිටවන රෝගියාගේ ආසාදිත කෙළ බිදිති මගින්
- බඩු, බාහිරාදිය මත තැවරුන රෝගියාගේ තරල මගින්
වැඩිපුර අවදානම ඇත්තේ කාටද?
- රෝගීන් සිටින රටවල සිට පැමිණි අය හෝ එම රටවල ජීවත් වන්නන්
- රෝගියා සමග සමීපව කටයුතු කළ අය
- නිදන්ගත රෝගයකින් පෙලෙන පුද්ගලයන්(දියවැඩියාව,පෙනහලු රෝග,වකුගඩු රෝග,ප්‍රතිශක්තිය අඩුවීමේ රෝග වලින් පෙලෙන්නන්)
- වැඩිහිටියන් සහ කුඩා දරුවන්
රෝග ලක්ෂණ
- උණ
- කැස්ස
- සෙම්ප්‍රතිශ්‍යව
- උගුරේ ආසාදන/ කැසීම/ වණවීම
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- නියුමෝනියාව
- තීවුර ශ්වසන ආභාදය
- වකුගඩු ක්‍රියාවිරහිත වීම හෝ මරණය පවා සිදුවිය හැකියි.
වෛරසය ශරීර ගතවීමේ සිට රෝග ලක්ෂණ ඇතිවීමට දින 2-14 දක්වා කාලයක් ගත වෙනවා.
රෝග ලක්ෂණ නොමැති වුවද මෙම කාලය තුලදී ආසාදිතයෙකුගෙන් අන් අයට මෙම රෝගය බෝවිය හැකියි.
කොරෝනා රෝගය වැළදීමෙන් වැළකෙන්නේ කෙසේද?
- මහජනතාව රැස්වන ස්තාන වලට යාමෙන් වලකින්න.
- රට තුල සංචාරය අවම කරන්න.
- රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයින් ළගට කිට්ටු වී කතාබහ කිරීමෙන් වළකින්න.
- සබන් හෝ අත් සේදුම් දියර යොදා ගනිමින් ජලයෙන් නිතර අත් සෝදන්න.
- ඔබට ශ්වසන රෝග ලක්ෂණ පවතී නම්,
1. අන් අයෙකුගේ සමීපයට නොයන්න.
2. කහින, කිවිසින විට ටිෂූ කඩදාසියකින් හෝ නවන ලද
3. වැළමිටේ ඇතුල් පැත්තෙන් කට සහ නාසය ආවරණය
කරගන්න.
4. ඉන්පසු ඉක්මනින් දෑත් සෝදන්න.
- නාසය, කට හෝ ඇස් නිතර ඇල්ලීමෙන් වළකින්න.
- තැන තැන කෙළ නොගසන්න.
- භාවිතා කරන ලද ටිෂූ වැසිය හැකි කසළ බදුනකට දමන්න.
- බිත්ති , උපකරණ මතුපිට හෝ පඩිපෙළවල අත්වැට නිකරුනේ ඇල්ලීමෙන් වළකින්න.
- ඔබේ ප්‍රතිශක්තිය වඩවා ගනීම සදහා,

1. පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න.
2. විවේකී, ලිහිල් මනසක් පවත්වාගන්න.
- ඔබගේ වෙනත් රෝගාබාදවලට නියම කරන ලද බෙහෙත් මතක අතිව පිළිවෙලින් ගන්න.
එහෙනම් පෝස්ට් එක කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි . ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

2 Comments
👍👍👍👍
ReplyDeleteValueble massage for all of us...thank you...👍
ReplyDelete