ගලපටල රෝගය (Diphtheria)

ගලපටල රෝගය (Diphtheria)


    මෙ මොකක්ද මෙ ලෙඩේ කියලා ඔයාලා හිතනවා ඇති. මෙ රෝගය බැක්ටීරීයාවක් මගින්බෝ වන රෝගයක්. මෙ බැක්ටීරීයාවෙ නම තමයි "Corynebacterium diphtheriae "මෙම බැක්ටීරීයාවට"exotoxin" නැමති විස වර්ගයක් නිපදවීමේ හැකියාවක් තියනවා. මෙම රෝගය මුලින්ම හදුනගත්තෙ 1826දී. මෙම රෝගය ලෝකයේ ලමුන් අතර බහුලව දකින්න පුලුවන් වගේම වසංගත තත්වයෙන් ලොකය පුරා පැතිරිලත් තියෙනවා.මෙම රෝගය සදහා එන්නත් මුලින්ම සොයාගත්තෙ 1980 වසරේ විතර. ඊට කලින් මෙම රෝගය නිසා වසරකට ලොකයේ 50,000 - 60,000 පමණ මියගොස් තියෙනවා. ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්තක නොමැති  දියුනුවෙමින් පවතින රටවල අදටත් මෙම රෝගී තත්වය දකින්න පුලුවන්. සමශීතෝෂ්න කලාපවල (temperate climates) ඇති රටවල ශීත කාලයේදී වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා.නමුත් උෂ්ණාදීක රටවල වසරේ ඔනෑම කාලයක රෝගය පැතිරේ.
    නමුත් පසුගිය වසර 30 ක කාලය තුල ලංකාවෙ ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් මාස 2,4,6,18 සහ අවුරුදු 5,12 දී ගලපටල රෝග පාලනය සදහා එන්නත් ලබාදීම මගින් පසුගිය කාලයේදී රෝගීන් වාර්තා වී නැත.

රෝග ලක්ෂණ






    මෙම බැක්ටීරියාව ස්වරාලයේ, ග්‍රසනිකාවෙ, නාසයේ, සෙම්ගෙඩිවල ආසාදන වීම සිදුවේ. මුලික රෝග ලක්ෂණ ලෙස උණ සහ ග්‍රසනිකාවේ ආසාධණ දැකිය හැක. උග්‍ර අවස්තාවෙ (pseudo membrane) නැමති පටලයක් උගුරේ අතිවේ. මෙය ක්‍රමයෙන්  නාසය,ස්වරාලය දක්වා විහිදේ. එමගින් හුස්ම ගැනීමෙ අපහසුව ඇතිකරයි. මෙම පටලය අලු පාටට හුරු සුදු පාටක් ගනී. මෙමගින් නිකුත් කරන exotoxin නම් රසායනික නිසා හෘදයට,වකුගඩු හා ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරයි.
    උගුරේ ඇතිවන පටලය සහ මෙම exotoxin නැමැති විස නිසා මරණයද සිදුවිය හැක. මෙම exotoxin විස සදහා ප්‍රතිධුලකාභ සොයාගැනීමට පෙර රෝගය වැලදුන අයගෙන් 50% පමණ මරණයට පත්වුණ බවට වාර්තා වී ඇත..

රෝගය වැලදෙන ආකාරය

    ගලපටල රෝග කාරක බැක්ටීරියා වර්ග හතරක් ඇත. එනම් C gravis/  C mitis / C intermedius / C belfant ලෙසයි. මෙම බැක්ටීරියාවට ජීවත් විය හැක්කේ මිනිසාගේ ශරීරය තුල පමණි. මෙම ගලපටල රෝගය වැලදුන කෙනෙකුගෙන් සති හතරක පමණ කාලයක් යනතුරු රෝගය බෝවීමෙ හැකියාව ඇත.
    මෙම රොගය ප්‍රධාන වශයෙන් මුඛයෙන් පිටවෙන ආසාදිත බිදිති මගින් ,ස්පර්ශය මගින් ,සමෙ ඇති තුවාල මගින් හා රෝගීන් භාවිතා කරන උපකරණ භාවිතා කිරීම මගින් බෝවේ. ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම මගින් මෙම බැක්ටීරියාව මුදාහැරීම නතර වේ. කලාතුරකින් ඇතිවන දිගුකාලීන රෝග වාහකයන් (chronic carriers) මාස 6ක් පමණ බැක්ටීරියාව මුදාහැරීම සිදුකරයි.

රෝග විනිශ්චය කිරීම  

     රෝගය වසංගත තත්වයෙන් පවතින අවස්තාවල ග්‍රසනිකාවෙ ආසාදන සමග උගුරේ ඇතිවන පටලය නිරීක්ෂණය කිරීමෙන් රෝගය හදුනාගනී. එලෙසම රසායනාගාර පරීක්ෂණ සිදුකරමින් බැක්ටීරියාව මාධයක් තුල වගා කිරීමෙන් (culture) හදුනාගනී. නමුත් රසායනාගාර වාර්තා ලැබෙනතුරු නොසිට රෝගීන් සදහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කිරීමෙන් ඇතිවන සංකූලතා සහ මරණය වලක්වා ගත හැක.

බීජෞෂණ සමය

   බීජෞෂණ සමය කියන්නෙ බැක්ටීරියාවක් හෝ වෛරසයක් ශරීරයට ඇතුළත් උනාට පස්සෙ රෝග ලක්ෂණ ඇතිවීමට ගතවන කාලයයි. ගලපටල රෝගයේ බීජෞෂණ සමය දින 1-5 අතර කාලයක් වෙනවා. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ඇතිවූ අවස්තාවෙ සිට දින 14ක කාලයක් දක්වා රෝගය බෝවීමේ හැකියාව ඇත. නමුත් කලාතුරකින් දින 28 ක් දක්වා කාලයක් රෝගය තවකෙනෙකුට බෝවීය හැක. 

රෝගය වලක්වා ගැනීම 

    මෙ රෝගය කටින් පිටවන ආසාදිත බිදිති වලින් බෝවෙනවා කියලා අපි කිවුවානේ.ඒ උනාට අපිට පොඩි දරුවන්ට මුඛ ආවරණ දාන්න අමාරුනෙ .ඒක නිසා හොදම වැඩේ තමයි ඔයාගේ අලුත උපන් දරුවාට රෝගය පාලනය සදහා කලින් කිව්වා වගේ මාස 2,4,6,18 සහ අවුරුදු 5,11 වයස් වලදී නිසි පරිදි එන්නත් ලබාදීම කලයුතු වෙනවා. ඔබේ දරුවන්ටත් මෙ එන්නත් ලබාදීමට කටයුතු කරන්න.ඔබේ දරුවට මෙ එන්නත් ලබාදීලා නැත්නම් ඔයාලගේ ප්‍රදේශය බාර මිඩ්වයිෆ් නෝනව හම්බවෙලා දැනුම් දෙන්න. හැබැයි වැඩිහිටි කවුරුහරි කලින් කිවුව විදියට එන්නත් විදගෙන නැත්නම් බයවෙන්න එපා. ඔයාට අපි කලින් කිවුව රෝග ලක්ශන තියෙනවනම් වහාම ලගම තියන රෝහලට ගිහින් ප්‍රතිකාර ලබාගන්න.පොඩි දවස්වල විදපු බෙහෙත් ගැන විස්තර තියන ළදරු වර්ධක සටහන් පොත ගැන අපි කලින් පොස්ට් එකෙදී කතා කළා මතකනෙ. 

එහෙනම් පෝස්ට් එක කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි . ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

Post a Comment

2 Comments